වාද්දුව – තල්පිටිය ප්රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ වෑන් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරින් තරුණියක් තුවාල ලබා තිබෙනවා.
දකුණු කළුතර සිට මරදාන දක්වා ගමන් ගත් මන්දගාමී දුම්රියක අද පෙරවරුවේ වෑන් රථය ගැටී තිබූ අතර, අනතුරත් සමඟම වෑන් රථය දුම්රියේ එන්ජිම කොටසේ සිරව තිබුණා.
වෑන් රථයේ සිටි පිරිමි පුද්ගලයාව ප්රදේශවාසීන් එම අවස්ථාවේදීම බේරාගෙන තිබු අතර, එහි සිටි කාන්තාව පැයකට ආසන්න කාලයක් දුම්රිය හා වෑන් රථය අතර සිරවී සිටි බවයි පොලිසිය කියා සිටියේ.
පසුව ප්රදේශවාසීන්, පොලිසිය සහ කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ එහි සිටි කාන්තාව බේරාගෙන තිබුණා.
අනතුරුව ඇය ප්රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර, ඇයගේ පාදයකට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
වෑන් රථයේ සිටි තරුණ යුවළ පෙම්වතුන් බවත්, ඔවුන් කොටිකාවත්ත ප්රදේශයේ පදිංචිකරුවන් බවත් මේ වනවිට අනාවරණ වී තිබෙනවා