Israel-Hamas War – ඊශ්‍රායල – හමාස් ගැටුමට මියා කලීෆා මැදිවෙයි !

627 Views
2 Min Read

ලොව අංක එකේ කාමුක තරුවක් ලෙස ප්‍රසිද්ධ හිටපු වැඩිහිටි චිත්‍රපට නිළි මියා කලීෆා, මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඒ ඇය ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීනයට දැක්වූ සහයෝගය හේතුවෙන්.

ඇයගේ මෙම සමාජ මාධ්‍ය හැසිරීම් හේතුවෙන් මෑත කාලීන ව්‍යාපාරික ගනුදෙනු පවා ඇයට අහිමිව යන සෙයකි දක්නට ලැබෙන්නේ. පලස්තීනයට සහය දක්වමින් ඇය X (Twiter) හි කරන ලද විවිධ පළකිරීම් රැසක් දක්නට ලැබුනා.

ඒ අනුව පසුගිය සතියේ ප්‍රහාර ආරම්භ වූ දා සිට, මියා කලීෆා පලස්තීනයට තමන්ගේ සහය පළ කරමින් විවිධ පල කිරීම් සිදුකොට තිබුණා.

 පලස්තීනයේ තත්වය දිහා බලලා පලස්තීනුවන්ගේ පැත්තේ ඉන්න බැරිනම් ඔබ ඉන්නේ වර්ණභේදවාදයේ වැරදි පැත්තේ, ඉතිහාසය පෙන්වයි. ඒ වෙලාවට.
කරුණාකර පලස්තීනයේ නිදහස් සටන්කාමීන්ට ඔවුන්ගේ දුරකථන පෙරළා තිරස් අතට රූගත කරන ලෙස යමෙකුට පැවසිය හැකිද” මේ ඇය තබන ලද සටහන්වලින් කිහිපයක්.

කෙසේ වෙතත් ඇයගේ මෙම සමාජ මාධ්‍ය හැසිරීම් තරයේම හෙළාදකින කැනේඩියානු ගුවන්විදුලි නිවේදක ටොඩ් ෂපීරෝ (Todd Shapiro), සඳහන් කර තිබුණේ ඇය සමඟ ඔහුගේ ව්‍යාපාරික ගනුදෙනුව අවලංගු කරන බවයි.

ඇයගේ එම සටහන්වලට ප්‍රතිචාර වශයෙන් ටොඩ් ෂපීරෝ,

මෙය ඉතා බිහිසුණු Tweet එකක් මියා කලීෆා. ඔබ වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කළ බව සලකන්න. සරලවම පිළිකුල් සහගතයි. කරුණාකර පරිණාමය වී වඩා හොඳ මිනිසෙකු වන්න. ඔබ මරණය, ස්ත්‍රී දූෂණය, පහරදීම සහ ප්‍රාණ ඇපයට ගැනීම අනුමත කිරීම ඇත්තෙන්ම අශුභයි. ඔබේ නොදැනුවත්කම පැහැදිලි කිරීමට වචන නැත. විශේෂයෙන්ම ඛේදවාචකයට මුහුණ දීමේ දී මිනිසුන් එකට එකතු විය යුතුය. ඔබට වඩා හොඳ පුද්ගලයෙක් වීමට මම යාච්ඤා කරමි. කෙසේ වෙතත්, ඊට ඔබ ප්‍රමාද වැඩි බව පැහැදිලිව පෙනේ  

යන්නෙන් සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් මෙලෙස ප්‍රසිද්ධියේ නෙරපා හැරීමට ප්‍රතිචාර දක්වමින් මියා කලීෆා සඳහන් කර තිබුණේ,

පලස්තීනයට සහාය දීමෙන් මට ව්‍යාපාරික අවස්ථා අහිමි වී ඇති බව මම කියමි. මෙම ප්‍රකාශය කිසිදු ආකාරයකින් ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වන හැඩයක් හෝ ස්වරූපයක් නොවන බව මට පැහැදිලි කිරීමට අවශ්‍යයි, මම විශේෂයෙන් නිදහස් සටන්කාමීන් ලෙස ප්‍රකාශ කළේ, පලස්තීන පුරවැසියන් සටන් කරන්නේ එලෙසයි. සෑම දිනකම නිදහස සඳහා.

යනුවෙන්.
Share This Article
1 Comment