නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී ප්‍රබල විපක්ෂ මන්ත්‍රීවරයෙක් කොපි කරලා මාට්ටු !

404 Views
1 Min Read

පසුගිය දා පැවති නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී විභාග නීති උල්ලංඝණය කරමින් ප්‍රශ්නවලට අදාල පිළිතුරු සහිත සටහන් තොගයක් ලඟ තබාගෙන සිටි දකුණේ සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයක් සම්බන්ධව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුවෙනි. එම විශේෂ තරග විභාගය සඳහා වඩාත් දැඩි විභාග කොන්දේසි පනවා තිබේ.

එවැනි වටපිටාවක මෙම මන්ත්‍රීවරයා සටහන් තොගයක් සමග විභාග ශාලාවේ දී හෙළිදරව් වීමත් සමග ආරම්භ කර ඇති පරීක්ෂණය වළක්වා ගැනීමට දැඩි ප්‍රයත්නයක යෙදෙමින් ඇතැයි වාර්තා වේ.

අයුක්තිය අසාධාරණය මත්ද්‍රව්‍ය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විශාල හඬක් නගන මෙම මන්ත්‍රීවරයා මාධ්‍ය සමග ද සමීප ගනුදෙනුවක් ඇති සුදු චරිතයක් සේ පිළි ගැනීමක් සහිතය.

කෙසේ වෙතත් මේ වනවිට මාධ්‍යයේ මේ ප්‍රවෘත්තිය පළවීම වළක්වා ගැනීමට ඔහු දැඩි උත්සාහයක නිරත වෙමින් ඇති බව හෙළි වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව පැවැත්වෙන විමර්ශන කටයුතු නිසි අයුරින් පවත්වාගෙන යනු දැකීමට රජය පාර්ශවයෙන් දැඩි උනන්දුක් ගන්නා බව ද වාර්තා වේ.

Share This Article
Leave a comment