රට මළ ගෙයක් කළ ඌරගහ මයිකල්, බෙලිඅත්ත පංච පුද්ගල ඝාතක මුද්දරගම චම්පික ප්‍රසන්න ඇතුළු දරුණු අපරාධකරුවන් 13ක් ඩුබායිහි දී අත් අඩංගුවට!

2.6k Views
1 Min Read

ප්‍රධාන පාතාල අපරාධකරුවෙක් මෙන්ම පාතාල ඝාතනය රැසක් මෙහෙයවූ මිනීමරුවෙක් වන ඌරගහ මයිකල්, බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන කුලී ඝාතකයා වූ නාවික හමුදාවේ වසර 22ක සේවයකින් පසු විශ්‍රාම ලබා සිටින පල්ලෙවෙල මුද්දරගම සෙබළෙක් වන චම්පික ප්‍රසන්න කුමාර, ලොකු සුජී, කලන මානවඩු ඇතුළු රටට අවශ්‍ය තිබූ බිහිසුණු අපරාධකරුවන් 13 දෙනෙක් ඩුබායිහි දී අත් අඩංගුවට ගත් බව මෙහෙයුම් ආරංචි මාර්ග හෙළි කරයි.

ඌරගහ මයිකල් යනු එල්ටීටී සැකකරුවකු ලෙස සිට නිදහස් වූ කෙනඩි නොහොත් බුම්මා ලවා බලපිටිය අධිකරණය ඉදිරිපිට දී මෝල් පියා නොහොත් පියරත්න ඇතුළු තව අයකු ඝාතනයට සම්බන්ධ අපරාධකරුවාය.

කොස්ගොඩ තාරක ඝාතනය සඳහා තාරක ගෙන යන බන්ධනාගාර බස් රථයට පහර දීමට ආර්පීජී දෙකක් සහ ටී පනස් හය අවි 20ක් විදේශයක සිට මෙරටට ගෙන්වන ලද බවට බුද්ධි තොරතුරු ලැබී තිබිණි. කොස්ගොඩ සුජීවගේ සමීපතමයා මොහුය. පසුගියදා සිදු කළ පංච පුද්ගල ඝාතනයටද ඌරගහ මයිකල් සම්බන්ධය.

රට විකල් කරමින් ඩුබායි හි සිට ලංකාවේ පාතාලය මෙහෙයවනු ලැබුවේ මෙම කණ්ඩායම විසිනි.

අත්අඩංගුවට ගත් මෙම අපරාධකරුවන් ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ.

Share This Article
Leave a comment