දේශපාලන පක්ෂ මැයි දින රැළි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි වාර්තා වෙනවා.
දේශපාලන පක්ෂ නායකයෝ පවසා ඇත්තේ උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැළි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට මෙවර සිදුවූ බවයි.
දේශපාලන පක්ෂවලට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ මැයි රැළිවලට ජනතාව රැගෙන ඒම සඳහා ප්රවාහන වියදම් සඳහා බවයි වාර්තා වන්නේ.
සෙසු මුදල් වැයවී ඇත්තේ වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්ර ලබා ගැනීම සහ ආලෝක කරන කටයුතු, රැස්වීම් අවට ප්රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබාදීම යනාදී කටයුතු වලටයි.