තරුණ පරපුර ඉදිරියට – ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ පළමු බලමණ්ඩලය තලවකැලේ ආසනයේ දී පිහිටුවයි !

618 Views
1 Min Read

ග්‍රාමීය තරුණ ප්‍රජාව ඉලක්කරගත් තරුණ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ (YDC) පළමු ආසන බලමණ්ඩලය පිහිටුවීම එහි නායක කේ. අර්ජුන මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ නගරයේ පැවැත්විණි.

ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ තලවකැලේ ආසන බලමණ්ඩලයේ සාමාජිකයන් දෙදහසකට අධික පිරිසක් සහභාගී වූ අතර එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමේ අරමුණින් ආසන සංවිධායකයන් තෝරා ගැනීමට ඔවුන්ගේ ප්‍රතිත්ති මූලික කොටගෙන මැතිවරණයක් හරහා සිදු විය.

එහිදී ඡන්ද 1,348ක් ලබා ගනිමින් ලදුර්ෂන් වෙල්ලසාමි මහතා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ තලවකැලේ ආසන සංවිධායක ධූරයට පත් විය.

ඉදිරි මාස තුන තුල මැතිවරණ ක්‍රමය හරහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ ආසන බලමණ්ඩල 100ක් පිහිටුවිමට බලාපොරොත්තු වන බවත් තලවකැලේ ආසනය අසීලාචාර දේශපාලනයේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොතබන බවටත් ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ පක්ෂ නායක කේ. අර්ජුන මහතා බල මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේය.

එසේම දේශපාලකයන් විසින් රටේ කළ විනාශය නැවත නොවන්නට, තරුණ පරපුරට ඉඩ නොතබන බවත් ඒ මහතා එහිදී ප්‍රතිඥා දුන්නේය.

Share This Article
Leave a comment