ගෙවල් ලක්ෂයකට ජලය නැතිකරමින් සිදුවුන රිය අනතුර !

1.6k Views
1 Min Read

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයක දී මෝටර් රථයක් කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන ජල නලයක වැදී අද (17) අළුයම සිදුවුන අනතුරක් හේතුවෙන් නලයක් පුපුරා ගොස් තිබේ. ජල නල සැපයුමට සිදු වූ හානිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.

ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ජල නලයේ ගැටීමෙන් පසු යළිත් විසි වී පැමිණ මාර්ගයට ම වැටී ඇතැයි පොලිසිය කියයි. ඒ වනවිට නිකුත් වූ අධික පීඩනය සහිත ජල දහරාවෙන් අසල තිබූ විදුලි රැහැන් පද්ධතියක කනුවක් ද ගැලවී ගොස් තිබේ.

අද (17) අලුයම අධික පීඩනයක් සහිතව ජලය විශාල ජල කඳක් ලෙස ඉහළට ඇදුන නමුත් මේ වන විට තත්වය පාලනය වී තිබේ. අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමගම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Share This Article
Leave a comment