ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය,ඇමෙරිකා එක්සත් ජනපදයේ 248 වැනි නිදහස් සංවත්සරය සමරයි !

264 Views
1 Min Read

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය,ඇමෙරිකා එක්සත් ජනපදයේ 248 වැනි නිදහස් සංවත්සරය අද(28) ගාලු මුවදොර හෝටලයේදී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිදහස් සංවත්සර සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී විය.

මෙවර ඇමරිකානු නිදහස් දින සැමරුම හරහා ප්‍රජාතන්ත්‍රවාදයේ චිරස්ථායි ගුණය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හවුල්කාරිත්වය අවධාරණය කෙරුණි.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරිකයින් සහ සිවිල් සමාජ සහ මාධ්‍ය ප්‍රජාව ද සහභාගී විය

Share This Article
Leave a comment