බහු- ආංශික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක කලාපයේ ප්‍රවේශය හෙවත් BIMSTEC සමුළුව අද (11) ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත ය.
ඒ අනූව අද (11) සහ හෙට (12) යන දෙදින පුරා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ඊට සහභාගී වීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් මේ වන විට ඉන්දියාවට පැමිණ තිබෙන අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ විදේශ කරයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යි.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව, සම්බන්ධතාවය, වෙළඳාම සහ ආයෝජනය, මොනිසුන් අතර සඹඳතා යන ආදිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල සහයෝගිතාව පුළුල් කිරීමට සහ ගැඹුරු කිරීමට මාර්ග සාකච්ඡා කිරීමට BIMSTEC රටවල විදේශ අමාත්‍යවරු මෙම සමුළුවට සහභාගී වීමට නියමිත ය.