අම්බානි විවාහ උත්සවයට බෝම්බ තර්ජන !

2 Min Read

ඉන්දීය ධන කුවේර මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් අතර තෙදින විවාහ මංගල උත්සවයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවමින් සමාජ මාධ්‍යය සටහනක් තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම බෝම්බ තර්ජන එල්ල කළ පුද්ගලයා ඉංජිනේරුවකු වන තිස්දෙහැවිරිදි, ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරා නුවර වැසියෙකි.

ඔහුගේ බෝම්බ තර්ජනයත් සමග ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

හොලිවුඩ්, බොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින්ගේ ද සහභාගිත්ව‍යෙන් පැවැත්වූ මෙම විවාහා උත්සවයට ඉන්දීය රුපියල් කෝටි 5,000 ඉක්මවූ මුදලක් වැය වී ඇති අතර එය මුකේෂ් අම්බානිගේ පූර්ණ වත්කමෙන් සියයට 0.5ක් පමණක් වනවා.

මැති ඇමතිවරුන් බොලිවුඩ් නළු නිළියන් සහ විදේශීය ප්‍රභූවරුන් රැසක් ද සහභාගි වූ මෙම විවාහ උත්සවයට අධි ආරක්ෂාවක් යොදා ඇත්තේ ආරාධිතයින් ඇතුළු සියලු පුද්ගලයින්ට නොදෙන ආකාරයෙන් බවත් වාර්තා වෙන්නේ.

මුම්බායි අපරාධ අංශය විසින් ඔහු සිටින ස්ථානය තහවුරු කරගැනීමෙන් පසු පෙරේදා ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ නිවෙස වැටලූ මුම්බායි පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන මුම්බායි නුවර වෙත රැගෙන එනු ලැබුවා.

මෙම විවාහ උත්සවයට සමගාමීව ප්‍රිය සම්භාෂණ ආරම්භ වුණේ පසුගිය මාර්තු මාසයේ ගුජරාට් හි පැවති දින තුනක පූර්ව විවාහ සැමරුමකින් අනතුරුවයි.එමෙන් ම විවාහ උත්සවයට පැමිණි ඔහුගේ සමීපතම මිතුරන්ට ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුතු අත් ඔරලෝසුව බැගින් තෑගි ලබා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම අත් ඔරලෝසු ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසකට ලබා දී ඇති බවයි.තවත් බොහෝ දෙනකුට අධික මිලැති අත් බෑගයන්, රන් මාල සහ නවීන පන්නයේ පාවහන් ලබා දුන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This Article
Leave a Comment