සජබ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ඩිල්ෂාන් ?

830 Views
1 Min Read

සමගි ජන බලවේගය විසින් අද (20) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඒ සඳහා ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහා සහය දැක්වීමට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ තිලකරත්න ඩිල්ෂාන් පැවසූවේ සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළට සහය දීම සඳහා තමා ඔහු සමග සම්බන්ධ වූ බවයි.

එමෙන්ම විපක්ෂනායකවරයා වටා හොඳ කණ්ඩායමක් සිටින බවත්, හොඳ නායකයෙකුට හොඳ කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු එහිදී අවධාරණය කළා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි.

තමන් ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයෙක් බවත්, අවශ්‍ය අවස්ථාවක් වුවහොත් එම ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කරන බවත්, ක්‍රීඩා අමාත්‍යධූරයක් හෝ වෙනත් යටි අරමුණකින් තොරව විපක්ෂ නායකයා සමග එක් වූ බවත් ඔහු තවදුරටත් පවසා සිටියා.

එහිදී අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්;

“මං ලොකු කැපකිරීමක් කරලා ආවේ.. මගේ දරුවෝ ඔක්කොම ඔස්ට්‍රේලියාවේ.. දරුවන්වත් දාලා ආවේ පක්ෂ පාට භේදයකින් තොරව රටට දෙයක් කරන්න..”

Share This Article
Leave a comment