විදෙස් සිසුන්ගේ පැමිණීම ඔස්ට්‍රේලියානු රජය සීමා කරයි !

788 Views
1 Min Read

එළඹෙන 2025 නව වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය සීමා කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

වාර්තාගත ලෙස විදෙස් සිසුන්ගේ පැමිණීම නිසා එරට නිවාස කුලී මිල ද ඉහළ ගොස් ඇති බවයි එරට රජය පවසන්නේ.

ඒ අනුව, නව වසර සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීමේ සංඛ්‍යාව 270,000කට සීමා කර තිබෙනවා.

එමෙන්ම කොවිඩ් වසංගත කාලය තුළ සිසුන් සඳහා විවිධ සහන සැලසුවද වසංගතයෙන් පසු මේ වනවිට එරට විශ්ව විද්‍යාලවල විදේශීය සිසුන් සියයට 10කින් පමණ වැඩි බවයි වාර්තා වෙන්නේ.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එරට රජය ඔවුන්ගේ නිශ්චිත ඇතුළත් වීමේ සීමාවන් පිළිබඳව ඉදිරියේදී විශ්ව විද්‍යාල දැනුවත් කරන බවයි.

Share This Article
Leave a comment