උප්පැන්න සහතිකය ගන්න මරණ සහතික අයදුම්පත් පුරවන්න දීලා !

402 Views
1 Min Read

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාල නිලධාරී මණ්ඩයේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවන බව මහජනතාව මැසිවිලි නගනවා.

මාසයකට අධික කාලයක් නුවරඑළිය ප්‍රාදේශ ලේකම් කාර්යාලයට උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් වෙනුවට මරණ සහතිකය අයදුම්පත ලබාදෙන බවත්, එහි සිංහල භාෂාවෙන් ඇති “මරණ” යන වචනය කපා එයට උඩින් ඉංග්‍රීසි භාෂාවෙන් “BIRTH” යනුවෙන් ලියා මහජනතාවට බෙදීමට ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කරනු ලබන බවත් ඔවුහු පවසනවා.

තවද එක් භාෂාවක් පමණක් දන්නා මහජනතාව දැඩි සේ අපහසුතාවයට පත්වන බවත් උප්පැන්න සහතික පිටපතක් ලබා ගැනීමට යෑමේදී මරණ සහතික අයදුම් පතක් ලබාදීමේදී දැඩි ලෙස කම්පා වීමට සිදුවන බවත් මහජනතාව මැසිවිලි නගනවා.

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගකිවයුතු නිලධාරීන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් කියා සිටියේ උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් අවසන් වී ඇති බව අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්නද අවශ්‍ය සැපයුම ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.

Share This Article
Leave a comment