අගමැති ධූරය ගැන හරිනිගෙන් උත්තරයක් !

7.3k Views
1 Min Read

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඊයේ (22) මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළා.

රට අර්බුකාරී තත්වයකට පත්ව ඇති මෙවැනි මොහොතක සිය පක්ෂයට ජනවරමක් ලැබී ඇති බවත් එම තත්වය මඟ හරවා ගැනීම සඳහා වැඩ කටයුතු හෙට සිටම ආරම්භ කළ යුතු බවත් හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පවසා සිටියා.

එමෙන්ම, රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයට අත්දැකීම් කිසිවක් නොමැති බවට සමාජයෙන් එල්ල වන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ රට බංකොලොත්භාවායට පත් කිරීම පිළිබඳව අත්දැකීමක් නම් ඔවුන්ගේ පක්ෂයට නොමැති බවයි.

කෙසේවෙතත්, ඉදිරියේදී රට දියුණු කරමින් අත්දැකීම් එකතු කර ගැනීමට අපේක්ෂා කරන බව හරීනි අමරසූරිය මහත්මිය මෙහිදී අවධාරණය කළා.

Share This Article
1 Comment