මෙරට සරම්ප රෝග ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් !

530 Views
1 Min Read

2023 වසරේ සිට මෙරටින් නැවත වරක් සරම්ප රෝගීන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ නොවැම්බර් 4 වැනිදා සිට 9 වැනිදා දක්වා විශේෂ එන්නත් සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වර්ෂ 2019 වසරේදී ශ්‍රී ලංකාව සරම්ප රෝගයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද මෙවැනි තත්ත්වයක් නැවත උදා වීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු කර තිබෙනවා.

වාර්තා වී තිබෙන නව රෝගීන් වැඩි වශයෙන් වයස අවුරුදු 20-30ත් අතර කාණ්ඩයට අයත් බව පෙනී යන අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ පසුව එම රෝගය විශේෂයෙන් වයස අවුරුදු නවයට අඩු දරුවන්ට සම්ප්‍රේෂණය වන බව දක්නට ලැබුණු බවයි.

වයස අවුරුදු 20-30 අතර අයට සරම්ප සහ රුබෙල්ලා සඳහා එන්නත් ලබාදෙන අතර මාස නවයේ සිට අවුරුදු 19 දක්වා ළමුන්ට සරම්ප එන්නත ලබා දෙනු ඇත.

Share This Article
Leave a comment