විදුලි ගාස්තු සංශෝධනයක් ලඟදීම ?

500 Views
1 Min Read

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස් ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත සති හයකින් පමණ කල් දැනු ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා තිබෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය නියමිත ක්‍රමවේදන අනුකූල නැතැයි පවසමින් යළි සකස් කර දෙන ලෙසයි.

ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

එම නව යෝජනාවලිය අධ්‍යනය කර අනුමැතිය දීම සදහා අදාල කාලය ගත වනු ඇති බව සදහන් වනවා.

Share This Article
Leave a comment