කුකුලු මස් කිලෝවක් අල්ලස් ලෙස ගත් රජයේ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට!

142 Views
1 Min Read

කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන වැඩබලන ආදායම් නිලධාරීවරයෙකු සහ මාර්ග අංශයේ කම්කරුවෙක්.

කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසික් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.
පැමිණිලිකරුට අයත් වෙළෙඳසැලේ ලබන වර්ෂයට අදාළ වෙළෙඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම සැකකරුවන් අල්ලස් ලෙස රුපියල් 1,170ක් වටිනා කුකුළු මස් කිලෝවක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සකකරුවන් දෙදෙනා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්ෂන් සභාව සඳහන් කළේය.

Share This Article
Leave a comment