චීනයේ ‘Tansuo 3’ සිය මංගල ගමන අරඹයි!

301 Views
1 Min Read

චීනයේ නිෂ්පාදනයක් වන “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත මුහුදේ බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව ඊයේ(26) චීන‍යේ Guangzhou නගරයේ Nansha හිදී සිය මංගල ගමන ආරම්භ කළා.

එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිතය. මෙය, සමස්තයක් ලෙස පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදේ කලාපයන් හි ගවේෂණය සිදු කිරීම මෙන්ම, ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේශණයට අවශ්‍ය කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්‍රථම, විද්‍යා ගවේෂණ නෞකාවයි.

“Tansuo 3” නෞකාවේ දිග මීටර් 104 ක් පමණ වන අතර, එහි ජලෝත්පීඩන පරිමාව ටොන් දස දහසක් පමණ වනවා. මෙම නෞකාවේ පර්යේෂණ හා ඉදිකිරීම් ක්‍රියාවලියට චීනයේ විවිධ පර්යේෂණ ආයතන, ව්‍යාවසායන් හා විශ්වවිද්‍යාල දායක වී ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාව ධ්‍රැවාශ්‍රිත අයිස් පවතින ප්‍රදේශවල යාත්‍රා කිරීම පිළිබඳ කෙන්ද්‍රීය තාක්ෂණ මෙන්ම, අයිස් බිඳීම සිදු කළ හැකි පාලන තාක්ෂණය, බුද්ධිමය නෞකා පාලන තාක්ෂණය ඇතුළු තාක්ෂණ හැකියාවන් පිළිබඳ දුෂ්කරතා ජයගැනීමට සමත්ව තිබෙනවා

Share This Article
Leave a comment