ත්‍රිකුණාමල මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි භාරදීමේ සූදානමක්!

436 Views
1 Min Read

ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේ තිබී සොයා ගත් ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානය ආදාළ සමාගමට භාරදීම සඳහා අවධානය යොමුවී ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දිනෙක ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේ තිබී සොයා ගත් ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනූව මේ පිළිබඳව විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ගුවන් හමුදාපතිවරයා වෙත භාර දී අවසන්.

අදාල වාර්තාවෙන් පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන යානයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවයි.

එසේම මෙම ඩ්‍රෝන යානය, ඉන්දීය සමාගමකට අයත් එකක් බවටයි හෙළිව තිබෙන්නේ.

මේ අතර එය පුහුණුවීම් සඳහා භාවිත කළ එකක් බවටද අනාවරණය වී තිබෙනවා.

මෙම ඩ්‍රෝන යානය ඉකුත් 27 වැනිදා ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේ තිබියදී ධීවරයින් පිරිසකගේ අවධානයට යොමුව තිබුණා.

ඒ අනූව සොයා ගත් යානය සති දෙකකට ආසන්න කාලයක් මුහුදේ තිබී ඇති බවයි විමර්ශන වාර්තාව මගින් අණාවරණය වන්නේ.

Share This Article
Leave a comment