මහ බැංකුවේ අධිපතිගෙන් සුභ පණිවිඩයක් !

301 Views
1 Min Read

රටේ උද්ධමනය මේ වන විට සීග්‍රයෙන් පහළ යමින් පවතින බවත් මේ වසර අවසාන වන විට එය සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඒ අනුව වසර අවසානයේ දී උද්ධමනය සියයට හතරක් වැනි මට්ටමක පවතිනු ඇති බවත් කොළඹ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම වාඩි සැලකුවද තිබෙන අසාමාන්‍ය පොලී අනුපාත ඉදිරියේදී පහළ යනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

එහිදී බැංකු තැන්පතු පොලී අනුපාතය සහ ණය පොලී අනුපාතය අඩු කරන ලෙස වාණිජ බැංකුවලට උපදෙස් දී තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Share This Article
Leave a comment