පළාත්පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සිදුකළ විරෝධතාවට කොළඹ විශ්වවිද්‍යාලය අසළ දී පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ ඔවුන් පොලිස් මාර්ග බාධක නොතකමින් ඉදිරියට ගමන් කිරීමට කටයුතු කිරීමත් සමඟයි.
අද දහවල් ලිප්ටන් වටරවුම ආසන්නයෙන් මෙම විරෝධතාව ආරම්භ කළ අතර, ඔවුන් පස්වරුවේ පුරහල ඉදිරිපිටින් නෙළුම් පොකුණ පසු කරමින් කොළඹ විශ්වවිද්‍යාලයට දෙසට පා ගමනින් පැමිණියා.
මෙම විරෝධතාව කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණ ද මාළිගාකන්ද අධිකරණය විසින් ලබාදුන් නියෝගය හේතුවෙනුයි එය ලිප්ටන් වටරවුම ආසන්නයෙන් ආරම්භ කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පියවර ගනු ලැබුවේ.