ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අලුත් සභාපතිවරයෙක් !

640 Views
1 Min Read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ.

අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරු 10.00 ට පමණ එම පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.

අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව අද මහ සභා රැස්වීම පැවැත් වුණේ පක්ෂ සභාපතිවරයා නොමැතිවය.

අනතුරුව එම පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු වුණි.

ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් කටයුතු කරනු ලබයි.

නමුත් පක්ෂ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකමතිකව පත්කර ගැනුණි.

පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

Share This Article
Leave a comment