පසුගිය වසරේ අලාභ ලැබූ ලංකා සතොස මෙම වසරේ ලාභ ලැබීමට සමත්ව තිබෙනවා.
ඒ අන්මුව වසරේ පළමු මාස 06 තුළදී රුපියල් මිලියන 93ක ශුද්ධ ලාභයක් ඉපයීමට ලංකා සතොස සමත්ව තිබෙනවා.
පසුගිය වසරේ මෙම කාලය තුළදී එම ආයතනය මිලියන 333ක අලාභයක් වාර්තා කර ඇති අතර එය මේ වසරේදී සියයට 128කින් අඩු වී ඇති බව ලංකා සතොස පෙන්වා දෙනවා.
මේ වසරේදී මිලියන 250ක ශුද්ධ ලාභයක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි.